මහ කන්නයට පොහොර දෙන බවට ජනපතිගෙන් සහතිකයක්

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර හා බීජ ලබා දීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ, අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ කතාවක් සිදු කරමින්.
පසුගිය රජය සමයේ හඳුන්වා දුන් කාබනික පොහොර ප්‍රතිපත්තිය සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය බරපතළ අර්බුදයකට ලක් වුණු අතර, වී අස්වැන්න සියයට හැටකින් පමණ අඩු වූ බව යි වාර්තා වුණේ.
මේ අතර, 2019 බදු ප්‍රතිපත්තිවලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් උපයාගෙන ඇත්තේ බදු මඟින් බව වාර්තා වනවා.
නමුත් මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහත වැටුණු බව යි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එය 14% දක්වා වැඩි කිරීමට එකඟ වී ඇති බව ද ජනාධිපතිවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.