CNN මාධ්‍ය ජාලයට එරෙහිව ට්‍රම්ප් නඩු මගට

අමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තමන්ට මාධ්‍ය තුළින් අපහාස වන ආකාරයෙන් එම නාලිකාව විකාශනයන් සිදු කළ බවයි.

ඒ අනුව අදාළ මාධ්‍ය නාලිකාවට එරෙහිව ට්‍රම්ප් අපහාස නඩු පවරා ඇති අතර අමරිකානු ඩොලර් මිලියන 475ක වන්දියක් ද ඉල්ලා සිටිනවා.

තමන්ව දේශපාලනික වශයෙන් පරාජයට පත් කිරීමට CNN මාධ්‍ය ජාලය සුවිශේෂී කාර්‍යභාරයක් ද සිදු කර ඇති බවයි හෙතෙම විදෙස් මාධ්‍ය නාලිකා වෙත පවසා ඇත්තේ.

මෙම නඩුව පිටු 29කින් සමන්විත වන අතර, තමන් 2024 වර්ෂයේ දී යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බැවින් ඊට එරෙහිව සී.එන්.එන් මාධ්‍ය නාලිකාව තමන්ට අපහාස හා අපවාද එල්ල කරන බව ද හෙතෙම පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *