බත් පැකට්ටුවක සහ කොත්තු රොටියක මිල ගණන් ඉහළට?

Rice koththu

බත් පැකට්ටුවක සහ කොත්තු රොටියක මිල ගණන් ඉදිරියේ දී ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

සභාපතිවරයා සඳහන් කළේ එම මිල ගණන් සංශෝධනය වුවහොත් එය සිදු වන්නේ රුපියල් 10කින් බවයි.

නමුත් ප්ලේන්ටියක මිල ගණන් හෝ ආප්පවල මිල ගණන් ඉහළ නොදමන බව ද අසේල සම්පත් ප්‍රකාශ කළා.

ති‍රිඟු පිටිවල මිල ගණන් අද ඉහළ යාම හේතුවෙන් බේකරි කර්මාන්තයට මෙන් ම ආපණශාලා වෙත ද ඉන් දැඩි බලපෑමක් පාරිභෝගිකයන්ට මෙන් ම සිදුවනවා.

කෙසේවෙතත් හෙට (05) දිනයේ දී ලිට්‍රෝ ගෑස් මිල ද රුපියල් 200-300 ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කළ බවයි එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ.

එම සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *