ආහාර විෂ වීමක් හේතුවෙන් සිසුන් 17ක් වැල්ලවාය රෝහලට

ආහාර විෂ වීමක් හේතුවෙන් බුත්තල – පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 17 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද උදෑසන පාසලෙන් ලබාදුන් උදෑසන ආහාර ලබා ගැනීමෙන් අනතුරුව මෙම සිසුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.