අයෝජන මණ්ඩලයට මුදල් කාරක සභාවෙන් චෝදනා

ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නො දීම නිසා අද (04) විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ගැසට් පත්‍රය පළ කළ නියමයන්ට අනුමැතිය ලබා නො දීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේ දී යි.
මුදල් අමත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය අගෝස්තු මස 3 වනදා ගැසට් පත්‍රයේ පළකල නියමයන් පසුගිය මස 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙරට ආයෝජනය කරන සමාගමකට වසර 12ක බදු සහන දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථීකයට හිමිවන ප්‍රතිලාභ පිළිබඳ කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ඔවුන් අපොහොසත් වීම නිසා මේ මොහොතේ ඊට අනුමැතිය ලබා දිය නො හැකි බවයි කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා දැනුම් දී ඇත්තේ.
අද දිනයේ සියලු දත්ත සහා විශ්ලේෂණයන් සහිතව කමිටුවට පැමිණෙන ලෙස දැනුම් දුන් කාරක සභා සභාපතිවරයා එම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි නම් අදාළ ගැසට් පත්‍රයට අනුමැතිය දිය නොහැකි බව ද අවාධාරණය කර තිබෙනවා.