අයිස්ලන්ත ජනපතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් සඳහන් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමුකරමිනුයි අයිස්ලන්ත ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව තමන් විශ්වාස කරන බව ද අයිස්ලන්ත ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *