අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් තවත් අතිවිශේෂ ගැසට්ටුවක්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත යි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරෙනු ඇති.
* විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන්
* ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
* රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරිම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑ ම විස්තරයක සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රමය.