ලෝක බැංකුවේ මෙරට ප්‍රධානියා සහ මුදල් රාජ්‍ය ඇමති අතර හමුවක්

මෙරට ආර්ථිකය යලි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සර්වොස් ප්‍රකාශ කර තිබෙනවා.

අද පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බිඳවැටුණු ආර්ථිකය යතාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *