යුරෝපා සංගමයෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) සඳහන් කරනවා.
ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා සිටියා.
ශ්‍රී ලංකා රජය ගෙනයන මෙම ක්‍රියාවලියේ දී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන් ,අ නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති යුරෝපා කොමිසමේ සභාපතිවරිය සඳහනක් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ GSP+ කැපවීම් පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බවයි.
එම වාර්තාව මේ වසරේ අග භාගයේ දී හෝ 2023 මුල් භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර එමගින් සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට සහ මෙහෙයවීමට අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කරනවා.
පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමේ විනාශකාරිත්වයෙන් සාර්ථකව ගොඩ ඒමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සාර්ථක වේවායි දි ප්‍රාර්ථනය කරන යුරෝපා කොමිසමේ සභාපතිවරිය, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයි ද විශ්වාසය පළ කරනවා.
හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැදීම් සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමට ද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ක පළ කර තිබෙනවා.