ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසි හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තැබෙන බව ජලාශ භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.
ඉහළ කොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශවලට දින කිහිපයක සිට ඇද හැලෙන වැසි හේතුවෙන් එහි වාන් දොරටු පහෙන් දෙකක් මෙලෙස විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ හේතුවෙන් ජලාශයේ පහළ ප්‍රදේශවල කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.