ඉන්දියාව ට සුපිරි ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති දෙවන 20යි 20 තරගයෙන් ලකුණු 16ක ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව වුණා.

ගුවාහ්ටි පැවැති තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 237ක් රැස්කළා.

එම ඉනිම වෙනුවෙන් සුර්යකුමාර් යාදෙව් පන්දු 22කදී වේගවත් ලකුණු 61ක් රැස්කළ  අතර විරාත් කෝලි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 49ක්.

ලකුණු 234ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාණු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 දැවී ලබාගත හැකිවුයේ ලකුණු 221ක් පමණයි.

එහිදි ඩේවිඩ් මිලර් පන්දු 47කදි නොදැවී ලකුණු 106ක් ලබාගත් අතර ඊට 6 පහර 7ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

ඔහුට අනගි සහයක් ලබාදුන් ක්වින්ටන් ඩී කොක් නොදැවී ලකුණු 69ක් ලබාගත්තේ ඔහුගේ 11 වන 20-20 අර්ධ ශතකය වාර්තා පොත් අතරට ඇතුළත් කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *