අද සිට දින 5ම පාර් ලිමේන්තුව රැස්වේ – හය සහ හත, විසි දෙවන සංශෝධනය විවාදයට

පාර් ලිමේන්තුව අද (03) සිට එළඹෙන සිකුරාදා දක්වා සතියේ දින 5ම රැස්වීමට නියමිතයි.
පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා සම්පූර්ණ දිනය වෙන්කර ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර ඇති ප්‍රශ්න 50ක් සඳහායි.
ඔක්තෝම්බර් 7 වන සිකුරාදා හැර හෙට සිට 6 වන බ්‍රහස්පතින්දා දක්වා සෑම දිනකම පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා පැයක කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.
එමෙන්ම හෙට සිට ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට වෙන්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමටත්, එම කාලය පාර් ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීම සඳහා ලබාදීමටත් තීරණය කර ඇති බවයි පාර් ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව පස්වරු 4.30ට අවසන් වීමට නියමිත ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට අදාළ කාලය පස්වරු 5 දක්වා දීර්ඝ වනු ඇති.
පස්වරු 5.30 දක්වා ඉතිරි විනාඩි 30ක කාලය සභාව කල්තැබීමේ යෝජනා විවාදයට ගැනීමට සහ කල්තැබෙන අවස්ථාවේ ප්‍රශ්න සඳහා දිනක් හැර දිනක් වෙන්කිරීමට ද නියමිතයි.
මේ අතර හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා ආනයන හා අපනයන පනත යටතේ අංක 2294/29 හා 2294/30 ගැසට් පත්‍රවල සඳහන් නියමයන් විවාදයට ගැනෙන බව ද පාර් ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම 22වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හෙට පස්වරු 2ට පාර් ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතයි.
ලබන 6 සහ 7 යන දෙදින පාර් ලිමේන්තුවේ දී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අතර එම කෙටුම්පත පිළිබඳව සලකා බැලීමටයි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වන්නේ අද (03) සිට එළඹෙන සිකුරාදා දක්වා සතියේ දින 5ම රැස්වීමට නියමිතයි.
පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා සම්පූර්ණ දිනය වෙන්කර ඇත්තේ විවිධ හේතු නිසා පාර් ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර ඇති ප්‍රශ්න 50ක් සඳහායි.
ඔක්තෝම්බර් 7 වන සිකුරාදා හැර හෙට සිට 6 වන බ්‍රහස්පතින්දා දක්වා සෑම දිනකම පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා පැයක කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.
එමෙන්ම හෙට සිට ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට වෙන්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමටත්, එම කාලය පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීම සඳහා ලබාදීමටත් තීරණය කර ඇති බවයි පාර් ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව පස්වරු 4.30ට අවසන් වීමට නියමිත ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට අදාළ කාලය පස්වරු 5 දක්වා දීර්ඝ වනු ඇති.
පස්වරු 5.30 දක්වා ඉතිරි විනාඩි 30ක කාලය සභාව කල්තැබීමේ යෝජනා විවාදයට ගැනීමට සහ කල්තැබෙන අවස්ථාවේ ප්‍රශ්න සඳහා දිනක් හැර දිනක් වෙන්කිරීමට ද නියමිතයි.
මේ අතර හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා ආනයන හා අපනයන පනත යටතේ අංක 2294/29 හා 2294/30 ගැසට් පත්‍රවල සඳහන් නියමයන් විවාදයට ගැනෙන බව ද පාර් ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම 22වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හෙට පස්වරු 2ට පාර් ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතයි.
ලබන 6 සහ 7 යන දෙදින පාරිලිමේන්තුවේ දී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අතර එම කෙටුම්පත පිළිබඳව සලකා බැලීමටයි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වන්නේ