පෙට්‍රල් මිල පහතට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහත දැමුණා. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 410 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහත දැමීමටයි පියවර ගත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 510ක්.
කෙසේ වෙතත්, ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල සංශෝධනයක් සිදුවන්නේ නැහැ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩු කළ අගයන්ට සාපේක්ෂව මිල අඩු කිරීම සිදුකරන බව ලංකා අයි.ඕ.සී. සමාගම ද ප්‍රකාශ කළා.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුවයි ඊයේ මෙලෙස පෙට්‍රල් මිල අඩු කිරීමට තීරණය කෙරුණේ.