දර්ශන් ධර්මරාජ් දිවියෙන් සමුගනී

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දර්ශන් ධර්මරාජ් මහතා එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
2008 වසරේ සිට මේ දක්වා ඔහු සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යවලට ද සිය රංගන දායකත්වය ලබා දී ඇති අතර ඔහු සිනමා උලෙළ කිහිපයකදීම සිය රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ද හිමිකරගෙන තිබෙනවා
මියයන විට දර්ශන් ධර්මරාජ් මහතා 41 වැනි වියෙහි පසුවිය.