ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා හිමිවී තිබූ ඉලක්කය ලකුණු 173ක්.

ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ට රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *