22 ගැන විවාදය එළඹෙන 6 සහ 7

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය ඔක්තෝබර් 6 සහ 7 යන දෙදින තුළ දී විවාදයට ගැනීමට පක්ෂ නායකයින් එකඟ වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ සංකීර්ණයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුව ඔක්තෝබර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස් වීමට නියමිත අතර වාචික ප්‍රශ්න සඳහා සඳුදා (3) දින වෙන් කිරීමට ද තීරණය කර තිබෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ