ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලිය කාර්‍යක්ෂම කෙරෙයි

මෙරට නිෂ්පාදනය කෙරෙන ඖෂධ, කර්මාන්තශාලා තුළින්ම රෝහල් කරා බෙදාහරින කාර්යක්ෂම වැඩපිලිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, පවතින ඖෂධ තත්ත්වය සොයා බැලීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (28) පැවති විශේෂ සාකච්ඡාවකදී යි.
ඒ අනුව රෝහල්වල අවශ්‍යතා අනුව ඖෂධ සහ උපකරණ වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වීමකින් තොර ව රෝහල් කරා යොමු කරන ලෙසත් එහි පූර්ණ අධීක්ෂණය වෛද්‍ය සැපයුම් අංශය මගින් සිදු කළ යුතු බවටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙමඟින් රෝහල් කරා ඍජුව ඖෂධ බෙදාහැරීමට හැකි බවත් ප්‍රවාහන වියදම්, ගතවන කාලය මෙන්ම ගබඩා පහසුකම් සඳහා වැයවන ඉඩකඩ ආදී ගැටලු රැසකට විසඳුම් ලැබෙන බවත් එම සාකච්ඡාවේ දී හෙලි ව ඇති බව සඳහන්.
මේ අතර, ඉදිරියේ දී රෝහල් කරා ඖෂධ බෙදාහැරීමේ දී මාස 03ක කාලයකට පමණක් ඖෂධ තොග වෛද්‍ය සැපයුම් අංශය සතු ව තබා ගනිමින් අනෙකුත් ඖෂධ ප්‍රමාදයකින් තොර ව රෝහල් වෙත බෙදාහරින ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම, හිඟයකින් තොර ව ඖෂධ රෝහල්වලට ලබාදිය යුතු බව යි එම සාකච්ඡාවේ දී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.