ඉයන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදෙයි

ඉයන් සුළි කුණාටුව මේ වන විට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, පැයට කිලෝමීටර් 250ක ප්‍රබලත්වයෙන් යුතුව හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ප්‍රාන්තයට අධික වැසි සහ තද සුළං ඇති වී තිබෙන බවයි.
එමෙන්ම මිලියන එකයි දශම 6ක ජනතාවට මේ වන විට විදුලිබලය ඇණහිට තිබෙනවා.
මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ ෆ්ලොරීඩා මුහුදු තීරයේ ගමන් කළ කුඩා යාත්‍රාවක සිටි 23 දෙනෙකු අතුරුදන්ව ඇති බව යි.
ඉදිරි දින දෙකේ ජනතාවට වඩාත් සැලකිල්ලෙන් පසු වන ලෙස කාලගුණ අංශ අනතුරු අඟවනවා.
පවතින තත්ත්වය හමුවේ වර්ජිනියා ප්‍රාන්තයේ ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම ගුවන් ගමන් 4000ක් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ගුවන්ගත කිරීමට නියමිත ව තිබූ සඳ ගවේෂණ රොකට්ටුව ද අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවලංගු කර තිබෙනවා.