ආගමික සිද්ධස්ථාන සඳහා සූරිය පැනල සවි කිරීම කඩිනම් කෙරෙයි

ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිලිවෙල කඩිනම් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවති අතර, ඊට සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මෙන්ම මෙම අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල නිලධරයන් එක් ව සිටියා.
ඉන්දීය ණය ආධාර යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
මේ යටතේ පිරිවෙන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනු ඇති.