මෙක්සිකෝවේ කර්මාන්තපුරයක වෙඩි තැබීමකින් දස දෙනෙකු මරුට

මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත පුරයකට ඇතුළු වූ පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ආයුධ සන්නද්ව පැමිණි එම පිරිස වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පුද්ගලයන් 9 දෙනෙකුගේ සිරුරු වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී සොයා ගත් අතර, අනෙක් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව යි වාර්තා වන්නේ.
සිද්ධියෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.