පාකිස්තානයට සුපිරි ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් වාර්තාගත කඩුළු දහයක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
කරච්චි හි පැවැති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 199ක් රැස් කළේය.
එම ඉනිම වෙනුවෙන් නායක Moeen Ali නොදැවී ලකුණු 55ක් ලබාගත්තේය.
ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙපළ වන නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ ලකුණු 203ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය.
එහිදි නායක බාබර් අසාම් නොදැවී ලකුණු 110ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 88 ලබාගැනීමට සමත් වුණි.
ඒ අනුව එය පන්දුවාර 20 -20 තරගයකදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර පැවැති ඉහළම ලකුණු සබදතාව ලෙස වාර්තා අතරට එක්වුණි.
මීට පෙරද එම වාර්තාව ඔවුන් දෙදෙනා අතර පැවැති අතර පසුගිය වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 197ක සම්බන්ධතාවක් ගොඩනඟා තිබුණි.
ඒ අනුව තරග 7කින් සමන්විත දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගැනීමට සමත්ව ඇත.
එම තරගයේ විශේෂ අවස්ථා පහතින්.