ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් තියෙනවා – උපුල් රෝහණ

ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (23)
දෙවැනි දිනටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.
ඒ, එම අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ විශේෂ වැටලීම් අංශය වෙත යි.
ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උපුල් රෝහණ අදත් සඳහන් කළේ, ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට තමන් සිදු කළ ප්‍රකාශය නිවැරදි බව යි.