අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයකින් මෙරටට කළ පරිත්‍යාගය

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ හැත්තෑ තුන් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදිසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා.

වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්ලය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහා වන ඖෂධ, කැතීටර්, සිරින්ජර් සහ අත්වැසුම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ මීට ඇතුළත් බව යි.

මේ අතර, ඕස්ට්‍රේලියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 600ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී තිබෙනවා.

ඒ, ලෝක ආහාර වැඩසටහන ඕස්ටේ්‍රලියාවෙන් කළ ඉල්ලීමකට අනුව යි.

මෙම සහල් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 15ක් පමණ වන අතර, ඒවා ඉදිරියේ දී අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදීමට නියමිත යි.

ඔස්ට්‍රේලියාව වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කරගනිමින් ඉදිරියේ දීත් මෙරටට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව යි.

මේ අතර, ගෝලීය ආහාර සුරක්ෂිතතා අරමුදලට ඩොලර් බිලියන 2.9ක් ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළ බව ධවල මන්දිරය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *