මහ රැජිනගේ දේහයේ අවසන් කටයුතු සිදු කෙරෙන රාජකීය ක්‍රමවේදය

අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවයේ ගමන් මාර්ගය සහ එහි වැඩ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රාජකීය අවමංගල්‍ය උත්සවයේ අවසන් දිනය වන අද (19) දිනයේ දී රාජකීය අවමංගල්‍ය චාරිත්‍ර අනුව මෙම වැඩ කටයුතු සිදු කෙරෙනු ඇති.

පළමුව වෙස්ට්මිනිස්ටර් මාලිඟාවේ සිට රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත ද ඉන් පසුව වින්ඩ්සර් කාසල් වෙත ගොස් රාජකීය සොහොන් භූමියක දේහය ආදාහනය කෙරෙනවා.

60 වසරකට පෙර බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන්ට් චර්චිල්ගේ අභාවයෙන් අනතුරුව එරට පවත්වන විශාලතම රාජකීය අවමංගල්‍ය උත්සවය ද මෙය වනවා.

බකිංහැම් මාළිඟය නිවේදනය කළේ මෙම සියල්ල රාජකීය සම්ප්‍රදායට සිදු වන බවයි.

අද උදෑසන 6.30ට රැජිනගේ දේහය තැන්පත් කර ඇති වෙස්මිනිස්ටර් මාලිගාවට ජනතාවට ඇතුල් වීමට ලැබෙන ඉඩහසර අවසන් වනවා.

පසුව වෙස්ට්මිනිස්ටර් ඇබේ හි දේහය තැබෙන අතර එය උදෑසන 11 සිට රාජකීය අමුත්තන් සඳහා වෙන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රාජ්‍ය අනුග්‍රහය ඇතැතිව සිදු කෙරෙන මෙම අවමංගල්‍ය උත්සවය වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පවත්වන්නේ 1953 දී රැජිනගේ සහ බ්‍රිතාන්‍යයේ රජවරුන් කිරුළු පැළඳි රාජාභිෂේක උත්සවය තිබූ දේවස්ථානයයි.

එමෙන්ම 1947 දී පිලිප් කුමරු සමග දෙවැනි එලිසබෙත් රැජිණ විවාහ වුයේ ද මෙම දේවස්ථානයේදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *