ශ්‍රී ලංකා ප්‍රවීණයන් දකුණු අප්‍රිකාවත් පරදවයි

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරඟාවලිය යටතේ ඊයේ පැවති තරගයකින් දකුණු අප්‍රිකානු ප්‍රවීනයින් පරදා ලකුණු 11 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීනයන් ඊයේ සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 43 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ට පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හයක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 154 ක් පමණයි.