එළැඹෙන පොහොය දිනයේ පන්සල් අඳුරු වන ලකුණු

ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළැඹෙන වප් පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දැක් වීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. දක්වන ලෙස මධ්‍යම පළාත් මහ සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ඊයේ (18) පැවැති මධ්‍යම පළාත් මහ සංඝ සභා රැස්වීමේ දී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති අතර, පන්සල්වල දායක සභා ද මේ සඳහා එකඟ කරවා ගන්නා ලෙසයි එම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

අදාල යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වු පුජ්‍ය ගලහ සිරිසාන්ත හිමි මාධ්‍ය කියා සිටියේ, “පන්සල්වල තිබුණ විදුලි බිල පස් හය ගුණයකින් ඉහළ ගොස් තියෙනවා. මගේ පන්සලේ විදුලි බිල මේ වෙද්දි රු 60,000ක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඉදිරියේ තියෙන්නේ කඨින චීවර පිංකම් කාලය. වෙසක් පොසොන් වගේ කාලවල පන්සල් අඳුරේ තැබීමේ කුමන්ත්‍රණයක් ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට බලවත් සැකයක් තියෙනවා. පවතින තත්ත්වය උඩ ඉදිරියේ දී පන්සලක ලයිට් එකක් දාන්න වෙන්නේ නෑ. අද යෝජනාවක් කරනවා අපි ඉදිරියේ දී එන පොහොය දිනයේ දී අපි සියලුම පන්සල්වල විදුලිය නිවලා පන්සල් අඳුරේ තබලා දායකයන් සමග මෙයට විරෝධය පළ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඉදිරියේ දී රට පුරාම විශේෂ මැදිහත්වීමකින් මේ පිළිබඳ ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *