ජනපති එංගලන්තයට

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියා.
ජනාධිපතිවරයා සමඟ අටදෙනෙකු ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.
පසුගියදා අසනීප තත්ත්වයෙන් සිටියදී දෙවැනි එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූයේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේදියි.
ඒ අනුව ඇයගේ දේහය රාජකීය අවමංගල්‍ය සිරිත් විරිත් අනුව මේ වනවිට බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගාවේ තැන්පත් කර තිබෙනවා.
රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට කිලෝමීටර් 10කට ආසන්න දිගු පෝලිම් දැකිය හැකි අතර, ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයින් ද ඇයගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට නියමිත ව තිබෙනවා.