තුන් වැනි චාල්ස් රජුගෙන් ලෝක නායකයන්ට භෝජන සංග්‍රහයක්

මෙම සති අන්තයේ දී ලොව ප්‍රබල රටවල් රැසක රාජ්‍ය නායකයන් ලන්ඩනය බලා පැමිණීමට නියමිත ව තිබෙනවා.
ඒ, අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සභාගි වීම සඳහා යි.
එලෙස පැමිණෙන රාජ්‍ය නායකයන්ට තුන් වැනි චාල්ස් රජු විසින් බකිංහැම් මාලිඟයේ දී අනිද්දා භෝජන සංග්‍රහයක් පිරිනැමීමට ද නියමිත ව තිබෙනවා.
ඒ සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුළු ලොව ඉහළ පෙළේ නායකයින් රැසක් ද එක්වීමට නියමිත යි.
කෙසේ වෙතත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සිරියාව, වෙනිසියුලාව, ඇෆ්ගනිස්ථානය, රුසියාව, බෙලරූස් සහ මියන්මාරය යන රටවලට ආරාධනා කර නැහැ.