මැණිකේ මගේ හිතේ ගීතය යළිත් කරළියට

ලොවක් වසඟ කළ නව යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සහ සතීෂාන් රත්නායක විසින් ගායනා කරනු ලබන ‘මැණිකේ මගේ හිතේ” ගීතය බොලිවුඩයේ සිනමාපටයක් සඳහා යොදාගෙන තිබෙනවා.

ඒ නුදුරේදී ජනගත වීමට නියමිත ”තෑන්ක් ගෝඩ්” චිත්‍රපටය සඳහායි.

මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත මෙම නව නිර්මාණය සඳහා යොදාගෙන තිබෙනවා.

මෙම නව නිර්මාණය සඳහා බොලිවුඩ් තරු වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහා නෝරා ෆටේ ද සිය රංගනයෙන් දායකත්වය සපයනවා.

මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තවමත් නිකුත් නොවුණ ද යොහානි විසින් චිත්‍රපටයේ ඇගේ ගීතය අඩංගු කොටසක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

මෙම ගීතය රචනා කිරීමේ ගෞරවය හිමිවන්නේ දුලංජ අල්විස් වෙතයි.

මැණිකේ මගේ හිතේ ගීතයෙහි තනු නිර්මාණය චමත් සංගීත් විසින් සිදු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *