මාස 6 කට වලංගු රියැදුරු බලපත්‍ර වසරකට දීර්ඝ කරයි

මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණිය යුතු බවයි.

මාස 6 ක කාලයකට නිකුත් කර ඇති බලපත්‍ර සඳහා වසරක් දක්වා කාලය දීර්ඝ කිරීමක් ලබා දෙනු ඇති.

මේ අතර, දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍රලාභීන්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි, දෙපාර්තමේන්තුව පැවසී ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුද්‍රණ කාඩ්පත් 450,000 ක තොගයක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බවයි.

ඒ ඔස්ට්‍රියානු සමාගමකින් කළ ඇනවුමකට අදාළවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *