නෙළුම් කුළුන මහජනතාවට හෙට (15) විවෘත වෙයි

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුන හෙට සිට ජනතාව සඳහා විවෘත කෙරෙනවා.

මීටර් 300ක පමණ උසින් යුත් මෙම කුළුණ වාණිජ්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් ආයෝජන අවස්ථා සඳහා විවර කිරීමට ද නියමිතයි.

ඒ අනුව ව්‍යාපාර සඳහා කාර්යාල පහසුකම්, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණශාලා මෙන්ම සුවිශේෂී අලෙවිසැල් සඳහා නෙළුම් කුළුණේ පවතින මහල් ආයෝජකයින්ට ලබා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

එමෙන්ම එහි ජාත්‍යන්තර මට්ටමේ උත්සව, ප්‍රසංග සහ ප්‍රදර්ශන සංවිධාන කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

මෙහිදී දේශිය පුද්ගලයන්ට රුපියල් 500 සහ 2000 ප්‍රවේශපත්‍ර වෙන්කර ඇති අතර විදේශිකයෙකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 20ක්.

රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනැම අයෙකුට පෝලිම්වල රැදි නොසිට නෙළුම් කුළුන පරිශ්‍රයට ඇතුළුවීමේ හැකියාව සහ අවස්ථා කිහිපයකදී වුවද කුළුණේ ඉහළට යාමට හැකියාව පවතිනවා.

රුපියල් 500ක ප්‍රවේශපත්‍රයක් ලබා ගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණයි.

සතියේ දිනවල පස්වරු 02 සිට රාත්‍රි 10 දක්වාත් සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රි 11 දක්වාත් නෙලුම් කුලුණ ජනතාව සදහා විවෘතව පවතිනවා.

මේ අතර නෙලුම් කුලුණ නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර ලෙස සදහන් ව්‍යාජ ප්‍රවේශපත්‍ර සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවත් එවැනි ප්‍රවේශපත්‍රයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් නොකළ බවත් සංචාරක සහ ඉඩම් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *