“ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාවේ ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනවා!”

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඊයේ (12) මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කෙරුණා-

ඒ වැඩබලන මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂීෆ් විසින්-

මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පසුගිය මාර්තු මස ඉදිරිපත් කළ ලිඛිත යාවත්කාලීන කිරීමේ සිට අද වන විට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුධයකින් පීඩා විදින බවයි එහි දී ඇය සඳහන් කළේ-

ඇය විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන්, විදේශ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මානව හිමිකම් සැසිවාරය හමුවේ අදහස් පළ කරමින් කියා සිටියේ 51 වන සැසිවාරය වෙත ඉදිරිපත් වූ අංක 46 / 1 දරණ වාර්තාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවයි-

එහි දී විදේශ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්-

වැඩ බලන මහ කොමසාරිස්තුමිය,

ආරම්භයේදී ම, අපගේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම, සහ කවුන්සිලය සමඟ ස්වභාවයෙන් සහයෝගීතාවයෙන් අපගේ සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ ඇති නො සැලෙන කැපවීම මම නැවත අවධාරණය කරමි-

මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුණු 46/1 යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළ ද, අපි ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක ලිඛිත ප්‍රතිචාරය මහ කොමසාරිස් වාර්තාවට ඉදිරිපත් කර ඇත්තෙමු-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *