පිරමීඩ ක්‍රමයට කෝටි 800ක් වංචා කළ ආයතන ප්‍රධානීන් 05 දෙනෙකුට වැඩ වැරදෙයි

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන පෞද්ගලික ආයතනයක ප්‍රධානින් පස් දෙනෙකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඊයේ නියෝගයක් නිකුත් කර කළා.
ඒ අනුව දෙසැම්බර් මස 09 වනදා ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි සිතාසි නිකුත් කෙරුණේ.
සිද්ධියට අදාළව වංචාවට හසු වූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි අධිකරණයේ දී අනාවරණය වූණේ.
මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි කෙරුණේ, මහරගම, කුරුණෑගල, පොල්පිතිගම, ගිරිබාව සහ නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචි එම ආයතනයේ ප්‍රධානීන් පස් දෙනෙකුට යි.
ඔවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි ඊයේ නඩුව කැදවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.