ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාලිඟය ඉදිරිපිටට රැස් වෙති

අභාවප්‍රාප්ත බි්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට ශෝකය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව සිටිනවා.

ඔවුන් එරට ජාතික ගීතය ගායනා කරමින් රැජිණට අවසන් ගෞරව පුද කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වසර 70 ක කාලයක් කිරුළ දැරූ බි්‍රතාන්‍යය මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ දී ඊයේ (08) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට ඇය 96 වන වියේ පසු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *