ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානුවන්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය රජය මෙරට සිටින සිය පුරවැසියන්ට දන්වා තිබෙනවා.
එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක අරින්දම් බග්චි සතිපතා මාධ්‍ය හමුවේදී කියාසිටියේ ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ ඉන්දියාව දීර්ඝ කාලයක සිට විමසිල්ලෙන් සිටින බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතුරින් තවමත් වැඩිම ප්‍රතිශතය සටහන් වන්නේ ඉන්දියාවෙන් බවද මෙහිදී සඳහන් කෙරුණා.
ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්වය සහ ඉන්ධන සැපයුම් තත්වය පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසටත් ඉන්දියාව සිය රටවැසියන්ට දැනුම් දෙනවා.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.