“තාක්ෂණික දැනුමෙන් අපේ ආරක්ෂක හමුදාව සන්නද්ධ කළ යුතුයි”

අනාගතයේදී භූමියේ, ගුවනේ , මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ද සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් අපේ විරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
සාර්ථක හමුදාවක් බිහි කිරීමට විනයක්, පුහුණුක් හා දැනුමක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ සියලු කාරණා මේ වන විටත් ඉටු කරමින් සිටින බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් අද (25) පස්වරුවේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් පිරිනැමුණු අතර ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල ධජ වර්ණ සඳහා සර්ව ආගමික ආශිර්වාදයක් ද පැවැත්විණි.