IMFණය පහසුකම මේ වසරේ අග වනවිට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපේක්ෂිත ණය පහසුකම මේ වසරේ අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

බ්ලුම්බර්ග් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකගත්වයකට පැමිණීම සඳහා බොහෝ දුරට ආසන්නව සිටින බව ඔහු මෙහිදී කියාසිටියා.

දේශීය ණය ඉලක්ක සපුරාලීමේ ගැටලූවක් නොමැති බැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව තත්ත්වය කළමනාකරණය කළ හැකි වනු ඇති බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *