ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66.7 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ උද්ධමනය, ජුනි මාසයේ පැවති සියයට 58.9 හි සිට ජූලි මාසයේ දී සියයට 66.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මීට හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ පැවති සියයට 75.8හි සිට ජූලි මාසයේ දී සියයට 82.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ පැවති සියයට 43.6 හි සිට ජූලි මාසයේ දී වැඩි වී ඇත්තේ සියයට 52.4 දක්වායි.
ආහාර කාණ්ඩය තුළ, කිරිපිටි, සහල්, නැවුම් මත්ස්‍ය, බිස්කට්, සහ කුකුල් මස් මිල ගණන් ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා.
එසේ වුවද, එළවළු, පොල් තෙල් සහ පොල් මිල ගණන් වල පහළ යෑමක් ජූලි මාසය තුළ දී වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ.