අදත් පැය 03 ක විදුලි කප්පාදුවක්

අද දිනයේත් පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් එලෙස සිදුකිරීමට නියමිතයි.

ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 කට පස්වරු 1 සිට රාත්‍රී 10 දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඊට අමතරව එම් – එන් – ඕ – එක්ස් – වයි සහ ඉසෙඩ් යන කලාප සඳහා පෙරවරු 5.30 සිට උදෑසන 8.30 දක්වා පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *