තවත් ඉන්ධන නෞකාවක් අද දිවයිනට

සුපිරි ඩීසල් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (17) දිවයිනට ළඟාවීමට නියමිත යි.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව සුපර් ඩීසල් නෞකාවක් රැගෙන එනු ලබන්නේ මාස දෙකකට පසුවයි.
මේ අතර ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව් ආර් ක්‍රමවේදයට අනුව රජයේ වාහන ලියාපදිංචි කිරීම සහ අත්‍යවශ්‍ය ඉන්ධන අවශ්‍යතා පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
මාර්ගගත ක්‍රමයට පැවති එම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් එක්ව සිටියා.