සේවා අපනයන ලැබීම් හෝ ඉපැයීම් අනිවාර්යයෙන් රුපියල් කිරීම ලිහිල් කරයි

සේවා අපනයන ලැබීම් හෝ ඉපැයීම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ලිහිල් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ පසුගිය 12 වනදා එම ලිහිල් කිරීම බලාත්මක වන බවයි.

අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා සේවා අපනයනකරුවන් දිරිමත් කිරීමේ අදහස ඇතිවයි මීට කලකට පෙර මෙම අවශ්‍යතාවය හඳුන්වා දෙනු ලැබුවේ.

කෙසේවෙතත් සේවාව ලබාදුන් දින සිට දින 180 ක් ඇතුළත සේවා අපනයන ඉපැයිම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය නොවෙනස්ව පවතිනවා.

මෙම වසරේ පළමු මාස 06 තුළදි සේවා Cලැබීම් ලෙස ඩොලර් මිලියන 1533 ක ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙනවා.

ඉන් රුපියල් බවට පරිවර්තනය කර ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 406 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *