ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිවත් ඉන්දියාවෙන් එන්නතක්

ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එන්නතක් හඳුන්වාදීමට ඉන්දියාව සූදානම් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ මේ වනවිට නිෂ්පාදන තත්ත්වයේ පවතින එම එන්නත මෙම වසර අවසානය වනවිට හඳුන්වාදීමට අපේක්ෂා කරන බවයි.
අදාළ එන්නතේ නිෂ්පාදන කටයුතු සඳහා සීරම් ආයතනය නොවාවැක්ස් (Novavax) සමාගම සමග එක්වී කටයුතු කරනු ලබනවා.
සීරම් ආයතනය මෙලෙස ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කරමින් සිටින්නේ ඉන්දියාවෙන් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.
සීරම් ආයතනය මගින් නිෂ්පාදනය කරමින් ඇති නව එන්නත ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ බී ඒ 5 උප ප්‍රභේදයට විශේෂ වන බව ඉන්දීය මාධ්‍ය පවසා තිබෙනවා.
2021 වසරේ අගභාගයේදී හඳුනාගැනුණු ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට ඉක්මනින් සම්ප්‍රේෂණය වන වෛරස් ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.