යල කන්නය සඳහා පොහොර බෙදාහැරීම මේ වනවිට සියයට 98කින් අවසන්

යල කන්නය සඳහා යූරියා පොහොර  බෙදාහැරීම මේ වනවිට සියයට 98කින් අවසන් ව තිබෙනවා.

යුරියා පොහොර බෙදා හැරීමට තවත් සියයට 02ක් පමණ ඉතිරිව තිබෙන අතර එම කටයුතු මෙම සතිය තුළ අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වුවද යල කන්නයේ යුරියා පොහොර ගොවීන් වෙත බෙදා හැරීම සම්බන්ධව පූර්ණ විගණනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබෙනවා.

යුරියා පොහොර ගොවීන් වෙත බෙදා හැරීමේ දී පවතින අඩු ලුහුඩුකම්, දුර්වලතා මෙන්ම යම් යම් අක්‍රමිකතාවන් සිදුව ඇත්නම් ඒවා ඉදිරි මාස් කන්නයේ පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලියේ දී නිවැරදි කර ගැනීමත්, අක්‍රමිකතාවන් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ නිලධාරින් හා වෙනත් වගකිවයුත්තන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් එහි අරමුණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

කෙසේ වුවද මෙම පූර්ණ විගණන ක්‍රියාවලිය පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් කළ වහාම අරඹන ලෙස ද අමාත්‍යවරයා දැනුම්  දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *