මල්ශාලාහිමිකරු ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි

මිද්දෙණිය ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත අදාළ ඝාතනය සිදුකිරීමට මුදල් ලබාගත් සැකකරු සහ ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඊයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පසුගිය ජුනි මස 26 වනදා වාර්තාවූ මෙම ඝාතනය සිදු කිරීමට එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබාගෙන ඇති අතර, එම මුදලින් ලබාගත් බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ විතාරන්දෙණිය සහ තිස්සමහාරාමය ප්‍රදේශවල පදිංචි අවුරුදු 35 සහ 28 යන වයස්වල පසුවන්නන්.

කෙසේ වෙතත් මොවුන් මෙම අපරාධය සඳහා මෙහෙය වූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *