පාසල් අද සිට සතියේ දින 5ම

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින 5ම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
කෙසේ වෙතත් ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම ඉදිරි මාස තුන තුළ විෂය ඉගැන්වීම් සඳහාම යොදාගත යුතු අතර, විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් දිනවල උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබුණා.
මේ අතර පාසල් සතියේ දින පහේම පැවැත්වීම සහ රාජ්‍ය සේවය යලි සක්‍රිය කිරීමත් සමඟ බස් රථ ධාවනය සාමාන්‍ය තත්වයට පත් කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.