නව තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

ඉහළ දමන ලද නව තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව රුපියල් 15 ක්ව පැවැති සාමාන්‍ය තැපැල් ගාස්තුව සියයට 233 කින් ඉහළ දමමින් රුපියල් 50 ක් බවට පත්කර තිබෙනවා.
රුපියල් 30 ක්ව පැවැති ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 60 ක් දක්වා ද, රුපියල් 12 ක්ව පැවැති පුණ්‍යායතන සහ ස්වෙච්ඡා සංවිධානවල තැපැල් ගාස්තුව රුපියල් 30 ක් දක්වා ද, ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
කුඩා මුද්දර කවරයක් රුපියල් දහ අටේ සිට හැට දක්වාත්, විශාල ප්‍රමාණයේ මුද්දර කවරයක් රුපියල් විස්සේ සිට 70 ක් දක්වාත් මිල සංශෝධනය කර තිබෙනවා.
මෙතෙක් රුපියල් 10 ක්ව පැවති තැපැල් පතක මිල රුපියල් විස්සක් වන අතර, එක්දින තැපැල් හැඳුනුම්පත් සේවා ගාස්තුව රුපියල් 100 සිට 200 දක්වා ඉහළ නංවා තිබෙනවා.
කෙසේ වෙතත් දැනට රුපියල් 50 ක්ව පවතින සාමාන්‍ය තැපැල් හැඳුනුම්පත් සංඛ්‍යාව සංශෝධනය කර නොමැති අතර, දෛනික ගුදම් ගාස්තු, ලියාපදිංචි ලිපි භාරදීමේ කුවිතාන්සියක සහතික කළ පිටපතක් ලබාගැනීමේ ගාස්තු, රථවාහන දඩ සේවා ගාස්තු, ඇතුලූ තවත් තැපැල් ගාස්තු වර්ග කිහිපයක් සංශෝධනය කර නොමැති බව ද තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර තැපැල් කාර්යාල හරහා මුදල් ඇණවුමක් භාවිතයෙන් ප්‍රේෂණය කළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂය දක්වා වැඩි කර තිබෙනවා.