කෝපා සහ කෝප් සභාපති පුටු සජබය ට ?

නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුර සමගි ජන බලවේගයට ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අනුව කෝපා සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ටත්, කෝප් කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නටත් ලබාදීමට සැළසුම් කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ පිළිබඳ කළ විමසීමක දී සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ මොවුන් දෙදෙනාගේ නම් කථානායකවරයා වෙත යොමුකර ඇති බවයි.
9 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කටයුතු කළා.
කෝප් සහ කෝපා යනු රාජ්‍ය ආයතනවල දූෂණ වංචා, අක්‍රමිකතා සහ අවභාවිත පිළිබඳ විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු දෙකක්.
පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල සභාපති ධුර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී කථානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා තීරණය කළා.