සතියේ දින පහේම රාජ්‍ය සේවකයන් යලි සේවයට කැඳවීමට අවධානය

සතියේ දින පහේම රාජ්‍ය සේවකයන් යලි සේවයට කැඳවීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
රට තුළ උද්ගතවූ ඉන්ධන හිගය හමුවේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කෙරුණා.
ඒ අනුව, ජූලි මස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක්ද නිකුත් කළා.
කෙසේ වෙතත් මේ වනවිට රට තුළ ඉන්ධන අර්බුදය යම් ප්‍රමාණයකට සමනය වීම හේතුවෙන් රජයේ කාර්යාල වෙත සේවා ලබා ගැනීමට මහජනතාව පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා.
එය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කළේ.
ඒ අනුව, නිකුත් කර ඇති චක්‍රලේඛයේ කාල සීමාව අවසන්වීමෙන් පසුව රජයේ සේවකයන් දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කියාසිටියේ.