වාහන කිහිපයක් ඇති ආයතන සඳහා එක් ජංගම දුරකථන අංකයක් යටතේ ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වීමට අවස්ථාව

වාහන කිහිපයක් ඇති ආයතන සඳහා එක් ජංගම දුරකථන අංකයක් යටතේ තනි ව්‍යාපාර ලියාපදිංචි අංකය හරහා ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

රජයේ ආයතන – සංවිධාන සහ ව්‍යාපාරික ස්ථාන සඳහා එය අදාළ වනු ඇති.

පළමුවෙන් එක් වාහනයක් ලියාපදිංචි කල යුතු වනවා.

අනතුරුව අදාළ ගිණුමට පිවිස සෙසු වාහන ඇතුළත් කල හැකි බවයි ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය දන්වා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *