ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීම පාර්ලිමේන්තුවට පැවරීමට සමගි ජනබලවේගය විරෝධය

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමට ගත් තීරණයට විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මීට පෙර එම පත් කිරීම් සිදුකිරීමේ බලය පැවතියේ අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට බවයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුවට පවතින බැවින් ව්‍යවස්ථාදායක සභාවේ සියලූම සාමාජිකයින් ඔවුන් විසින්ම පත් කරගැනීමට මෙමගින් හැකියාව පවතින බවටයි මහ ලේකම්වරයා චෝදනා කළේ.

සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුව තුළින් හත්දෙනෙකු සහ බාහිරින් පුද්ගලයන් තුන්දෙනෙකු පත් කිරීමට නියමිතයි.

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යෝජිත 22 වන සංශෝධනය මගින් ගිලිහී ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *